News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

හම්බන්තොටට මෙගාවොට් 400ක ස්වභාවික වායු බලාගාරයක්.

776 Views


හම්බන්තොටට මෙගාවොට් 400ක ස්වභාවික වායු බලාගාරයක්.

ද්‍රවීකෘත ස්වභාවික වායුව මඟින් ක්‍රියාත්මක කරන මෙගාවොට් 400ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව එම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ සංස්ථාපනය කර ඇති Hambantota Power Private Limited හා ලංකා විදුලිබල මණ්ඩලය අතර පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරයක් මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


News Articles
Latest Videos
Most Popular Post