නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබා දුන් අධිකරණය නියෝගයකට අනුවයි.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ඇති බවට නාමල් කුමාර මහතා පසුගියදා සිදු කල අනාවරණයට අදාලව එම නියෝගය නිකුත් කෙරුණා.ඊට අදාල විමර්ශන වලට අදාලව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සතුව තබූ එල් එම් ජී වර්ගයේ ගිණි අවි 2ක්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
ඒවා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.