News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

කොළඹ කුණු එකතු කිරීම නවතී

961 Views


කොළඹ කුණු එකතු කිරීම නවතී

කසල සම්බන්ධයෙන් කිසිදු වගකීමක් තමන්ට නොමැති බව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කලේ කොළඹ නගරයේ කසල එක් රැස්වීම සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින්.

ඊයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම නතර කිරිමට සිදුවන බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පසුගිය 6 වනදා නිවේදනය කලා.ඇය සදහන් කලේ ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් කසල භාර නොගැනීම නිසා මෙවන් තත්ත්වයක් හට ගෙන ඇති බවයි.

කසල භාර නොගැනීම හේතුවෙන් මේ වන විට කොළඹ නගරයේ විශාල වශයෙන් කසල එක් රැස්වී තිබෙනවා. කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල, ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කල අතර ඔවුන් කසල භාර ගැනිම නවතා දමා ඇත්තේ හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post