News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

අලි වහපු දුම්රිය මඟ අද ඉඳන් හරි මඟට

839 Views


අලි වහපු දුම්රිය මඟ අද ඉඳන් හරි මඟට

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද පෙරවරුවේ සිට යථා තත්වයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ හදිසි නඩත්තු ඒකකය සදහන් කලේ එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

ඊයේ රාත‍්‍රියේදීත් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන රාත‍්‍රී තැපැල් දුම්රිය ධාවනය වූයේ පොලොන්නරුව දුම්රිය ස්ථානයට පමණයි. අදාල මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඒල්ල වුනේ ඊයේ අලූයම කොළඹ සිට මඩකලපුව දෙසට ධාවනය වූ දුම්රියක වන අලි තුන්දෙනෙකු ගැටී දුම්රිය පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්.

වැලිකන්ද සහ පුනානි අතර දුම්රිය මාර්ගයේ සිදුවූ එම අනතුරින් වන අලි තුන්දෙනා මිය ගියා. හබරණ ප‍්‍රදේශයේදී ඉන්ධන දුම්රියක ගැටීමෙන් මීට පෙර වන අලි 05 දෙනෙකු මියගියේ පසුගිය මස 18 වනදායි .

මෙලෙස වන අලින් දුම්රිය මාර්ගයට පැමිණ දුම්රියේ ගැටී මියයාම සම්බන්ධයෙන් සියත ප‍්‍රවෘත්තී වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් විමසා සිටියා. නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ මෙම ගැටලූව විසදීමට ජනාධිපතිතුමා මැදිහත්විය යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post