News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

2019 අයවැය විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

879 Views


2019 අයවැය විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ලබන වසරට අදාළ අදාල විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්.

විසර්ජන පනත් කෙටුම්පත මගින් අමාත්‍යාංශ වලට මුදල් වෙන කර ඇති ආකාරය පිලිබඳව තොරතුරු මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇති. 2019 වර්ෂය සදහා වන අයවැය වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලබන වසර සඳහා වන අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් වන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ. අයවැය වාර්ථාවට අනුව සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක්.

ලබන වසර සඳහා ණය ගෙවීමට රුපියල් බිලියන 2057 ක් වෙන්කර තිබෙනවා. මුදල් අමාත්‍යංශය සදහන් කරන්නේ ඉන් ලබන වසරේ දේශීය ණය වශයෙන් රුපියල් බිලියන 1271 ක් ගෙවිය යුතු බවයි. විදේශීය ණය සදහා රුපියල් බිලියන 786 ක් ගෙවීමට නියමිත යි.

අයවැය හිඟය පියවීම ඇතුළු ණය ගෙවීම සඳහා 2019 වසරේදී රුපියල් බිලියන 1944 ක් දේශීය හා විදේශීය ණය වශයෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යංශය සදහන් කලා. විසර්ජන පනත් කෙටුම්පත ට අනුව මෙවරත් වැඩිම මුදලක් ආරක්ෂක අමාත්යාංශය සදහා වෙන්කර ඇති අතර එය රුපියල් බිලියන 306 ක්.


News Articles
Latest Videos
Most Popular Post