News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

අයහපත් කාලගුණය නිසා අවදානම් ප්‍රදේශ මෙන්න.

908 Views


අයහපත් කාලගුණය නිසා අවදානම් ප්‍රදේශ මෙන්න.

අධික වර්ෂාපතනත් සමග කලුතර සහ බදුල්ල දිස්ත‍්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කල නාය යාම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. කලූතර දිස්ත‍්‍රික්කයේ එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ වලල්ලාවිට බුලත්සිංහල අගලවත්ත සහ මතුගම යන ප‍්‍රදේශ වලට යි.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුමුල්ල පස්සර හා බදුල්ල ප‍්‍රදේශ වලට නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර කලු කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් පහල ජල ධාරා ප‍්‍රදේශ වල ජනතාව තවදුරටත් අවධානයෙන් පසු විය යුතු බවයි ආපදා කලමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 09 ක්. දිස්ති‍්‍රක්ක 10 ක පුද්ගලයින් 48 918 දෙනෙකු අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පීඩාවට පත්වූවන්ට සහන සහ වන්දි ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post