News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

DIG නාලකගේ සහ නාමල් කුමාරගේ කටහඬ වාර්තා අධිකරණයට

630 Views


DIG  නාලකගේ සහ නාමල් කුමාරගේ කටහඬ වාර්තා අධිකරණයට

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඬ සැසදීමේ හඬපට වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හඬපට සැසදීමේ වාර්තා කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු නිලධාරීන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගෙන තිබුනේ ඊයේ දිනයේ දීයි.

නාලක ද සිල්වා මහතා කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවට දූෂණ විරෝධී බලකාය මහනුවර ප‍්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා එල්ල කලේ පසුගිය පසුගිය මස 12වනදායි. එහිදී දූෂණ විරෝධී බලකායයේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා විසින් නාලක සිල්වා මහතා සහ ඔහු අතර සිදුවූවා යැයි කියන දුරකථන සංවාද කිහිපයක් ද මාධ්‍යට නිකුත් කළා.

ඊට අදාල විමර්ශන සදහා අධිකරණ නියෝග මත කටහඩ සාම්පල ලබා ගැනීම සිදු වුනේ පසුගිය සතියේ දීයි.


News Articles
Latest Videos
Most Popular Post