News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

DIG නාලකගේ උස ගැන අල්ලස් කොමිසම ප්‍රකාශ ලබා ගනී.

776 Views


DIG නාලකගේ උස ගැන අල්ලස් කොමිසම ප්‍රකාශ ලබා ගනී.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වන නාලක සිල්වාගේ අධ්‍යාපන සුදුසුකම් සහ උස සම්බන්ධයෙන් මීට පෙර කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් 03දෙනෙකු ඊයේ (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ප‍්‍රකාශ ලබා දී තිබෙනවා.

ඒ, නියෝජ්‍ය පොලිස්පති (ප‍්‍රවර්ථන) පි‍්‍රයන්ත වීරසූරිය, ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූව සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් යන අයයි. අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සහ නියමිත සුදුසුකම් නොමැතිව කරන ලද බඳවා ගැනීමක් බැවින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බව ඔවුන් එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මහජන මුදල් වැයකර ඔහුට කරන ලද වැටුප් ගෙවීම් දූෂණයක් බවයි මෙම පොලිස් නිලධාරීන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කලූතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුද මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව වෙත ප‍්‍රකාශයක් ලබා දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post