ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින්. 20 වන සංශෝධනයේ තවත් වගන්ති කිහිපයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගත හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට රැස් වුණා. රටේ ආර්ථික තත්වය පිළිබද පාර්ලිමේන්තු විවාදයක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.