News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදය තවදුරටත්

769 Views


කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදය තවදුරටත්

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් හටගෙන තිබෙනවා. ඒ ගොඩගමදී දුම්රියක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්. මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ලේ සිට පැමිණි දුම්රියක්.

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මේ හේතුවෙන් අද උදෑසන කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිත දුම්රිය 03 ක් ප‍්‍රමාද වන බවයි. කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් සිටින බවයි පාලක මැදිරිය සදහන් කලේ.

මේ අතර දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් හෙට සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post