News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

පොහොට්ටුව ජනපතිගේ ආරාධනයක් බලාපොරොත්තුවෙන්

1017 Views


පොහොට්ටුව ජනපතිගේ ආරාධනයක් බලාපොරොත්තුවෙන්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව තම කණ්ඩායම අතර සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත් බවයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සදහන් කලේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ඊයෙ රාත‍්‍රීයේ පැවැත්වු සාකච්ඡාවේ දී මෙම තීරණයට එළඹ තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post