News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකාවට

724 Views


දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකාවට

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර දෙවන එක්දින තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා.

ආරම්භක පිතිකරු ජේසන් රෝයි ලකුණු නොලබාම දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගායේදීයි.

මෙම තරගයේදී ආරම්භක පිතිකරු උපුල් තරංග තවත් ලකුණු 64ක් රැුස් කර ගත හොත් ඔහුට එක්දින ලකුණු 7,000 සීමාව පසුකර යාමට හැකියාව පවතිනවා. එසේවුවහොත් එම කඩඉම පසු කර යන ශ්‍රී ලංකාවේ 08වන ක්‍රීඩකයා ඔහු වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post