News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

710 Views


හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට ඉහළ ප‍්‍රදේශය මේ වනවිට අඩි 10 ක් පමණ ගිලා බැසීමට ලක්ව තිබෙනවා. නායයෑම හේතුවෙන් ඒ අවට නිවාස 05 ක් ද කාසල්රි ජලාශයට කඩා වැටීමේ අවදානමක් ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සදහන් කළේ.

මේ වනවිට හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනානමනය නෝර්වුඞ් ප‍්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම නතර කිරිමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ප‍්‍රධාන මාර්ගය ගිලා බැසිමත් සමඟ නොර්වුඞ් , බගවන්තලාව , මස්කෙලිය , නල්ලතන්නිය යන ප‍්‍රදේශවල ජනතාවගේ ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

නිවාස නායයෑමට ලක්වීම හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 23 දෙනෙකු මේ වනවිට තාවකාලිකව වෙනත් නිවාසවල රැදවීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර කලුතර හා ගාල්ල දිස්ති‍්‍රක්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන ද තවදුරටත් කි‍්‍රයාත්මකයි.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද පස්වරු 02 00 න් පසුව තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post