සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ අදාළ නඩුව අද කුරුණෑගල මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ ලබා දුන් නියෝගයකට අනුවයි. පැමිණිලි පාර්ශවයේ දුර්වල හා පරස්පර සාක්ෂි හේතුවෙන් විත්තිකරුවන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු විත්තකරුවන් තිදෙනෙකුට කුුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණේ 2008 වසරේදී සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාලවයි. ඔවුන් මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා.