News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

ජනපති මෛත්‍රී ගෙන් ඉන්දීය අගමැතිට දුරකථන ඇමතුමක්.

652 Views


ජනපති මෛත්‍රී ගෙන් ඉන්දීය අගමැතිට දුරකථන ඇමතුමක්.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ පස්වරුවේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකථන සංවාදයකට එක්ව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ එහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ බවයි.

ශ‍්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබ`දව එහිදී සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ස`දහන් කර ඇත්තේ මෙරට සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත‍්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබෙනවා. සමීප මිතුරෙකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් වුණා.

ජනාධිපතිතුමා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අතර මෙම දුරකථන සංවාදය ඇතිවුනේ ඉන්දියාවේ රෝ සංවිධානය තමාට එරෙහිව ඝාතන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කලා යැයි ජනාධිපතිතුමා ප‍්‍රකාශයක් සිදු කල බවට වන පුවතක් ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කර ඇති පසුබිමකයි. කෙසේවෙතත් එම මාධ්‍ය වාර්තා වල සත්‍යතාවයක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලා.

මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රාජ්‍ය බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරිමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ඒ, එම ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍‍්‍රමිකතා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.


News Articles
Latest Videos
Most Popular Post