අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 15 වනදා රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වුනා.
අභාවප‍්‍රාප්ත වන විට අමරා රණතුංග මහත්මිය පසු වුනේ 79 වැනි වියේයි. මෙරට ප‍්‍රථම සංගීත මහාචාර්යවරිය ද ඇය වනවා. සැළලිහිනියෝ නුඹ දන්නේ නෑ -සුලෝචනා – සපුමල් සුවදක් සේ සහ අමරාදේවී ඇතුලූ ගීත රැසක් ගායනා කරමින් අමරා රණතුංග මහත්මිය රසික හදවත් තුල නොමැකෙන සටහනක් තබා තිබෙනවා.