ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කි‍්‍රයාකලාපය පිළිබදව ජනාධිපති මාධ්‍ය මූලාශ‍්‍ර උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය පළ කළ ප‍්‍රවෘත්ති වාර්තා පදනම් විරහිත බව සංවර්ධන උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය පූර්ණ වගකීමකින් සහ අවංක භාවයෙන් කටයුතු කළ බව තමන්ට ප‍්‍රකාශ කළ හැකි බවයි.
ආයෝජන මණ්ඩලයේ ප‍්‍රයත්නයන් හේතුවෙන් මේ වසරේදී අනුමත කරන ලද ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 18 කට අධිකයි. එවැනි ප‍්‍රගතියක් අත්පත් කරගත් ආයෝජන මණ්ඩලය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදු කරන අසත්‍ය ප‍්‍රකාශ මගින් ආයෝජකයින් නොමග යන බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සදහන්.
ආයෝජන මණ්ඩලය සංවර්ධන උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා යටතේ පවතිනවා. රාජ්‍ය බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරිමට ජනාධිපතිතුමා තීරණය කලේ පසුගිය 17 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදියි.
අදාළ ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම තීරණය ගෙන තිබුණා.