News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

DIG නාලක සිල්වා අදත් CID යට

541 Views


DIG නාලක සිල්වා අදත් CID යට

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා
එම දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 9ක ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේ ඊයේ දිනයේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි පසුගිය 17 වනදා කල දැනුම් දීමකට අනුව නාලක ද සිල්වා මහතා ඊයේ එහි පැමිණියා.
මෙම කැදවීම සිදු කර තිබුනේ ජෙනාධිපතිතුමා සහ හිටපු ආරකෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.

ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් පසුගිය මස 12 වනදා කරුණු අනාවරණය කල අතර එම පරික්ෂණ මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post