මාධ්‍යවේදී ජමාල් කෂෝජි අතුරුදහන් වීම පසුගිය දවස් වල ලෝකෙම ආන්දෝලනයට ලක් වුණා. කෂෝජි තමන්ගෙ පෞද්ගලික කටයුත්තකට තුර්කියේ ඉස්තාන්බූල් වල පිහිටි සෞදි කවුන්සිල් කාර්යාලයට ගිහින් තියෙනවා. එතැනනි පස්සෙ කෂෝගි ආගිය අතක් නැති වීමත් එක්ක රටවල් දෙක උණුසුම් අර්බුධයක පැවතුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තුර්කිය පැවසුවේ කෂෝගි සෞදි කවුන්සික්ල් කාර්යාලය ඇතුලෙදි මරා දමන්නට ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂිද ඒ අයට තියෙනවා කියලා ප්‍රකාශ කරලා තිබුණා.
ඔක්තෝම්බර් 2 වෙනිදා කෂෝජි සෞදි කොන්සල් කාර්යාලයට ගිහින් තිබුණෙ විවාහ වෙන්න හිටපු පෙම්වතිය වුණ හතිජේ ෂෙන්ගිස් එක්ක. පළවෙනි විවාහයට ඕනි කරන ලියකියවිලි වගයක් ගන්න එක මේ ගමනෙ අරමුණ කියලා තමයි වාර්තා වෙන්නෙ. කෂෝජි කාර්යාලය ඇතුළට ගිහින් තියෙන අතර පෙම්වතිය කාර්යලයට ගිහින් නැහැ. ගොඩ වෙලාවක් ගත වුණත් කෂෝජි ආයෙත් එළියට ඇවිත් නැහැ. හදිස්සියේවත් තමන් එළියට ආවෙ නැත්නම් ඒක ජනාධිපතිවරයගෙ උපදේශකයෙක්ට කියන්න කියලා කෂෝජි යන්න කලින් පෙම්වතියට කියලා තිබිලා.
එතනින් කලබල වුණ කෂෝජිගෙ පෙම්වතිය මේ පුවත අදාල පුද්ගලයට කිව්වට පස්සෙ ලෝකය පුරා මේක පැතිරිලා ගියා. කෂෝජිව සවුදි කාර්යාලය ඇතුලෙ මරා දැම්ම කතාව සෞදිය ප්‍රතික්ෂේප කරා.
මේ දවසෙම සෞදියෙ ඉඳලා තුර්කියට ආපු විශේෂ ගුවන්යානා දෙකක් ගැනත් , කෂෝජි කොන්සල් කාර්යාලයට ගිහින් පැය දෙකකට පස්සෙ ගිය කළු පාට වාහනය ගැනත් සැක පහළ වෙලා තිබුණා.
තුර්කිය කියා සිටියෙ 15 දෙනෙක් මේ ගුවන් යානා වල ඇවිත් කෂෝජි ඝාතනය කරලා සිරුව කළු පාට වාහනයෙ අරගෙන ගිය බවයි.
තුර්කියේ පුවත් පතක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ එක්ක ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කෂෝගි අන්තිම පාරට ස්මාර්ට් ඔරලෝසුවක් පැලඳගෙන සිටියා කියන එකයි. ඒකෙන් කෂෝගි අවසන් මොහොත පටිගත කරලා ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා. එය හඬපටියක් බවයි වාර්තා වන්නෙ. මේක අනාවරණය කරගෙන තියෙන්නෙ මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බුද්ධි අංශයෙ නිළධාරියෙක්.
මේ හඬපටය ඒ අවස්ථාවෙ කාර්යාලයෙ පිටත හිටිය කෂෝජිගෙ පෙම්වතියගෙ දුරකථනයටද ලැබිලා තියෙන බව වාර්තා වුණා. කෂෝගිගෙන් ප්‍රශ්න කරන ආකාරයත් , වද දී මරා දමන ආකාරයත් මේ හඬ පටියෙ සඳහන් වෙනව කියලා වර්තා වෙනවා. කෂෝජි වේදනාවෙන් කෑ ගහන හැටිත් මේ හඬපටියෙ ඇතුළත් වෙලා තිබ්බා කියලා කියනවා.
කෂෝජියේ සිරුර කෑලි වලට කපලා පිටතට ගෙන ගිහින් ඇසිඩ් දමා දිය කරා කියලා සැක කරනවා. තුර්කියෙන් පැවසුණ තවත් කතාවක් වුණේ කෂෝජිව මරන්න අපු කණ්ඩායමේ වෛද්‍යවරයෙක්ද හිටියා කියන එක. ඒ වෛද්‍යවරයගෙ අනුදැනුමෙන් මේ දේවල් වුණා කියලයි ඒ අය කියන්නෙ. අදාල හඬපටිය ගැන නිල සාක්ෂි තවමත් ඉදිරිපත් වී නෑ.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප්ට් කියා සිටියේ ඒ සාක්ෂි පෙන්වන ලෙසයි.