News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

කොළඹ – මඩකලපුව අතර දුම්රිය ධාවනය මහවට සීමා වෙයි

1149 Views


කොළඹ – මඩකලපුව අතර දුම්රිය ධාවනය මහවට සීමා වෙයි

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබෙනවා. අද අළුයම 03.00ට පමණ මෙම පීලිපැනීම සිදුව ඇත්තේ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදීයි.

දුම්රියේ මැදිරි තුනක් පිලිපැනීමට ලක්ව තිබෙනවා. එහි ගමන් ගත් මගීන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. දුම්රිය පීලිපැනිම හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය තාවකාලිකව, මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙනවා.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. පසුගිය 20 වනදා රාත‍්‍රියේ ද කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ මිනගයා දුම්රිය පළුගස්වැව ප‍්‍රදේශයේදී වන අලියෙකු ගැටීම හේතුවෙන් පිලිපැනීමකට ලක් වුණා.


News Articles
Latest Videos
Most Popular Post