මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ‍්‍රී ලාංකික අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් කළණ අමුණුපුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා.
හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, එම නිලධාරියාගේ නිර්දෝෂි භාවය ඔප්පු කිරීම සඳහා අභියාචනය ඉදිරිපත් කරන බවයි. මානව හිමිකම් උල්ලඝණය වීමේ පසුබිම මත අණ දෙන නිලධාරියා දිවයිනට ගෙන්වා ගන්නැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට රජයට දැනුම් දී තිබෙනවා.
බි‍්‍රගේඩියර්වරයා පැවසුවේ, එම ඉල්ලීම පරිදි නිලධාරියා ගෙන්වා ගැනීමට කටයුතු සිදු කරන අතරම ඔහු මානව හිමිකම් කඩකිරීම් සිදුකර නොමැති බව අභියාචනය හරහා දැනුම් දෙන බවයි. මාලි රාජයේ සාම සාධක රාජකාරිය සඳහා අණ දෙන නිලධාරියා ඇතුළු 200 දෙනෙකුගෙන් යුත් පිරිස දිවයිනෙන් පිටව ගිය ගොස් තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් 24 වනදායි.
එම පිරිස ලබන දෙසැම්බර් 24 වන දා දිවයිනට පැමිණිමට නියමිතව තිබුණා.