News Line| Off Air
Generic placeholder image

Oct
28

එජාපය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අවසන් තුරුම්පුව ගැසීමට සැරසෙයි

2742 Views


එජාපය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අවසන් තුරුම්පුව ගැසීමට සැරසෙයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබූවද එය ව්‍යවස්ථා විරෝධී බව දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය පවසයි.

පාර්ලිමේන්තුව රැස් වී මෙයට සාධාරණ පිළිතුරක් ලබාගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පැවසූවත් ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසන් කරනු ලැබුවා.

නැවත පාර්ලිමේන්තුව රැස වනුයේ නොවැම්බර් 16 වැනිදායි.කෙසේ වෙතත් සිදු වූ සියල්ල ප්‍රජාතාන්ත්‍ර විරෝධී බැවින් මේ සියලු ප්‍රශ්න විසඳී නැවතත් සිදු කළ මේ අකටයුත්තට එරෙහිව නිවැරදි විසඳුම් ලැබී යළි රට පුරා සුපුරුදු පාලනය සිදු කිරීමට අවශ්‍ය තෙරුවන්ගේ ආශිර්වාද බලය ප්‍රාර්ථනා කරමින් ලබන 16 වනදා පාර්ලිමේන්තුව රැස් වන තුරුම නොනවත්වා පරිත්‍රාන ධර්ම දේශනයක් අරලිය ගහ මන්දිර පරිශ්‍රය තුළ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබෙනවා.

සියලු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් , ප්‍රබල එක්සත් ජාතික පක්ෂ පාක්ශිකයන් ඇතුළු ජනපතිතුමා හදිසියේ ගත් මෙම තීරණයට විරුද්ධ මත දරණ සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් අද උදෑසන අරලියගහ මන්දිරයේදී මෙම විශේෂ පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වුණා.

 

 

 


News Articles
Latest Videos
Most Popular Post