නව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (28) උදෑසන 10 ට දළඳා සමිඳුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිතයි. කෙසේවෙතත් ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ රැස්වීමක් මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.
තොරතුරු වාර්තා වන ආකාරයට හෙට දිනයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසින් නව කැබිනට් මණ්ඩලය පත් කෙරෙණු ඇති.
මේ අතර ඊයේ පදනම් ආයතනයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ අද උදෑසන 8 දක්වා පමණක් අරලියගහ මන්දිරයෙන් පිටත් වීමට හිටපුඅගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කල් දෙන බවයි.නමුත් මේ වන තුරුම ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටයි තොරතුරු වාර්තා වනුයේ.