News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ජාත්‍යන්තරයෙන් ලංකාවට රතු එළියක් ?

2550 Views


ජාත්‍යන්තරයෙන් ලංකාවට රතු එළියක් ?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කිහිපයක් දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ ගැටුම් වළක්වාලමින් ආයතනික ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් සහ මාධ්‍ය නිදහස තහවුරු කරමින් කටයුතු කළ යුතු බවයි.

යුරෝපා සංගමය, ප‍්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව සහ බි‍්‍රතාන්‍යය මහකොමසාරිස්වරුන් විසින් එම ඒකාබද්ධ නිවේදනය යොමුකර තිබෙනවා. පවතින දේශපාලන තත්වය පිළිබදව ඇමරිකාව හා බි‍්‍රතාන්‍ය ද ඊයේ නිළ වශයෙන් ප‍්‍රකාශ සිදු කලා.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුකූලව ක‍්‍රියා කිරීමට කටයුතු කරන ලෙස සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි ට්වීටර් පණිවුඩයක් යොමු කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ.

මානව අයිතිවාසිකම් ප‍්‍රතිසංස්කරණ වගවීම යුක්තිය සහ ප‍්‍රතිසංධානය සම්භන්ධයෙන් ජිනීවා සම්මුතිය සමග ශ‍්‍රී ලංකා රජය කැපවීමෙන් කටයුතු කරනු ඇති බව එහි සදහන්. ශ‍්‍රී ලංකාවේ පිහිටි බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාරීයාලය ද ට්වීටර් පණිවුඩයක් නිකුත් කලා.

ශ‍්‍රී ලංකාව තුළ වේගවත් දේශපාලන තත්වයක් වර්ධනය වෙමින් පවතින අතර ශ‍්‍රී ලංකාවේ සංදාරය කරන බි‍්‍රතාන්‍ය වැසියන් සියලූ පෙළපාලි හා දේශපාලන රැස්වීම් මග හැර කටයුතු කරන ලෙස දැනුම් දී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post