News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

දෙමටගොඩ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමක්

1114 Views


දෙමටගොඩ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමක්

දෙමටගොඩ ප‍්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වර්ථා වන්නේ.

අර්ජුණ රණතුංග මන්ත‍්‍රීවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ‍්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහාකාරි තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම අවස්තාවේදී මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි ප‍්‍රහාරට ලක්ව ඇත්තේ දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවේ අංගනයේ සේවය කල සේවකයින් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය විසින් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post