News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

ඛනිජ තෙල් සේවකයින් විරෝධතාවක.

418 Views


ඛනිජ තෙල් සේවකයින් විරෝධතාවක.

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා ඊයේ (28) පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බව පවසමින්.එහිදී අදාළ ස්ථානයෙහි කලබලකාරී තත්වයක් උද්ගතවී ඇති අතර
ඒ අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා , පසුව එක් අයෙකු ඊයේ සවස මියගොස් තිබෙනවා.
තත්වය සන්සුන් වනතුරු කාර්යාල අඩස්සියේ රඳවාගෙන සිටි හිටපු ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ආරක්ෂිතව ඉන් පිටතට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් STF ඇඳුම් ඇන්දවීමෙන් අනතුරුවයි .

කෙසේ වෙතත් මේ වන විට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් විරෝධතාවකද නිරතවනවා.


News Articles
Latest Videos
Most Popular Post