News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

නව අගමැති අද වැඩ භාර ගැනීමට නියමිතයි

1190 Views


නව අගමැති අද වැඩ භාර ගැනීමට නියමිතයි

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 11 ට සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. ඒ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය 26 වනදා රාත‍්‍රියේදීයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එදින ජාතික ආන්ඩුවෙන් ඉවත් වීමේන් අනතුරුව මෙම නව පත් කිරීම සිදු කලා. 1945 නොවැම්බර් 18 වැනිදා උපත ලද මහින්ද රාජපක්ෂ මහතා හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ ඞී.ඒ රාජපක්ෂ හා දන්දිනා සමරසිංහ දෙපළගේ පුත‍්‍රයෙක්. මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල මහින්ද, කොළඹ තර්ස්ටන් හා නාලන්දා විද්‍යාලවල ආදි සිසුවෙක්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයට තරඟ කරමින් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරේ දීයි. ඉන් අනතුරුව 1989 වසරේ සිට 1994 වසර දක්වා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළා.

නැවතත් 1994 වසරේ පැවැති මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ජයගැනීමත් සමඟම එම රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස පත්වූනේද මහින්ද රාජපක්ෂ මහතායි. 1997 දී ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂ මහතා 2002 වසරේදි රත්නසිරි වික්‍‍්‍රමනායක මහතා විපක්ෂනායක තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟම විපක්ෂනායක ධූරයට පත් වුනා.

2004 වසරේ පැවැති මහාමැතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්ෂ මහතා මෙරට 13 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුනා .අනතුරුව 2005 නොවැමිබර් 17 වැනිදා පැවති ජනාධිපතිවරණය ජයගනිමින් මෙරට පස්වැනි විධායක ජනාධිපවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 8 වැනිදා දක්වා විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජරාජය වූ රාජපක්ෂ මහතා එම වසරේ අගෝස්තු මාසයේ පැවැති මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වුනේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින්.


News Articles
Latest Videos
Most Popular Post