News Line| Off Air
Generic placeholder image

Oct
29

අර්ජුන ඇතුලට යන තුරු රටට තෙල් නැති වෙයි

916 Views


අර්ජුන ඇතුලට යන තුරු රටට තෙල් නැති වෙයි

රට පුරා අද ඛනිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භකර තිබෙනවා. එයට ප‍්‍රධානම හේතුව වෙලා තිබෙන්නේ ඊයෙ අර්ජුණ රණතුංග මහතා දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුලූ‍ වීමට උත්සාහ කිරීමේදී ඇතිවුණ උණුසුම් තත්ත්වයේ දී අර්ජුණ රණතුංග මහතාගේ ආරක්ෂකයෙකුගෙ වෙඩි පහරින් ඛනිජ තෙල් සේවකයෙකු මියයාම.

වෙඩි පහරින් තුන් දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු රෝහල් ගත කලා. ඒ අතරින් බරපතල තත්ත්වයේ පසුවූ එක් සේවකයෙක් ඊයේ පස්වරු 6 පමණ වන විට ජීවිතක්ෂයට පත් වුණා. ඔහු කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක්.

තුවාල ලැබූ අනෙක් සේවකයා අසාධ්‍ය තත්ත්වයේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප‍්‍රතිකාර ලබමින් ඉන්නවා
සිද්ධයට අදලව වෙඩි තැබූ ආරක්ෂක නිලධාරියා ඊයේ සවස් වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සියත කල විමසීමකදි නිදහස් ඛනිජ තෙල් සංස්ථාවේ නිදහස් ඛනිජ සේවක සංගමයේ සභාපති බන්දුල සමන්කුමාර මහතා සඳහන් කලේ වැඩ වර්ජනයට මේ වන විට ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයකම සහාය ලැබී තිබෙනව කියලා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා තෙක් අඛණ්ඩව වැඩ වර්ජනය ක‍්‍රියත්මක කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ. එහි හඬ කොටස් පහලින්

 


News Articles
Latest Videos
Most Popular Post