New Update
ඊයේ දිනයේදී පොලිස්පතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ආක්ශක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්රමසිංහ මහතාට විශේෂ ලිපියක් යොමු කරමින් කියා සිටියේ වහාම ක්‍රියාත්මකවන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන නිලදාරීන් ඉවත් කරන ලෙසයි.
අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව නාවික හමුදාවේ නිලදාරීන්,පොලිස් නිලදාරීන් සහ විශේෂ කාර්‍ය බලකා නිලදාරීන් යන පාර්ශව තුනකින් සිදු කරනු ලබන අතර නාවුක හමුදාවේ නිලධාරීන් විසින් අරලියගහ මන්දිරයේ සේවා සහ නඩත්තු කටයුතු සිදු කරනු ලබනවා.එම පිරිස ඊයේ රාත්‍රියේදීම අදාල රාජකාරී කටයුතුවලින් ඉවත්ව නාවුක හමුදා මූලස්ථානයට වාර්ථා කළා.
පොලිස් කොට්ඨාසයේ නිලදාරීන් සහ විශේෂ කාර්‍ය බලකා නිලදාරීන් අද උදෑසන අදාල රාජකාරී කටයුතුවලින් ඉවත්ව ඇති අතර මේ වනවිට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සම්බන්දව කටයුතු කරන්නෙ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු පමණයි.
හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව අඩු කර තිබෙනවා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගය පරිදියි.
ඒ අනුව 1 008 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට අඩු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව 10 ක් දක්වා සීමා කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අග‍්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්රමසිංහ මහතාට නියෝග කළේ ඊයේ දිනයේදීයි.
හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදවා සිටින අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිරික්ත නිලධාරීන් මෙලෙස ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා. මෙය අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සලකා ක‍්‍රියාත්මක කර තමා දැනුවත් කරන ලෙසයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුම් දී ඇත්තේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලිස්පතිවරයා සිය නිවේදනයෙන් දන්වා තිබෙනවා.