හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කර තිබෙනවා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගය පරිදියි.
හිටපු අමාත්‍යවරුන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හිමි විය යුතු ආරක්ෂක නිළධාරීන් ගණන පමණක් ලබා දි ඇති බව සියත ප‍්‍රවෘත්ති කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලා.
එය ආරක්ෂාව අඩු කිරිමක් නොව නියමිත පටිපාටියට අනුව ක‍්‍රියා කිරීම පමණක් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දුන්නේ. පසුගිය 28 වනදා සිට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව අඩු කර තිබෙනවා.
1 008 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට අඩු කර ඇත්තේ 10 දෙනෙකු දක්වායි. හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිරික්ත නිලධාරීන් මෙලෙස ඉවත් කර තිබෙනවා.