News Line| Off Air
Generic placeholder image

Oct
30

ගූගල් කියන විදිහටත් අගමැති රනිල් – රන්ජන් රාමනායක ‘ජනහඬ‘ උද්ඝෝෂණයේදී චීනයට අභියෝග කරපු හැටි මෙන්න

1215 Views


ගූගල් කියන විදිහටත් අගමැති රනිල් – රන්ජන් රාමනායක ‘ජනහඬ‘ උද්ඝෝෂණයේදී චීනයට අභියෝග කරපු හැටි මෙන්න

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිකම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා එක්ව ‘පික්පොකට්‘ ගැසූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොල්ලුපිටිය හන්දියේදී දැන් පැවැත්වෙන ‘ජනහඬ‘ උද්ඝෝෂණයේදී අදහස් දක්වමින් කියා තිබුණා. මේ තියෙන්නේ රන්ජන් රාමනායකගේ කතාව

“මම එන්න කළින් ගූගල් එකේ ගහල බලලා ආවේ කවුද අගමැති කියලා. තවම එන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලා.මේක අහන් ඉන්න මෛත්‍රීටයි මහින්දටයි කියන්නේ තමුන් අපේ අගමැතිකම පික්පොකට් ගැහුවා.ලැජ්ජා නැද්ද?

රාජපක්ෂලා ඇවිත් තමන්ගේ හොර ටික බේරගන්න කියලා ජනපතිට කිව්වා. මේවා කියලා කියලා වැඳලා තමා අගමැතිකම ඉල්ලගත්තේ.අපි දැනන් හිටියේ රාජපක්ෂ වීදි සටන් කරුවෙක් කියලා. මෙහෙම හිඟාකාලා අගමැතිකම ගත්ත එකම කෙනා රාජපක්ෂ.

චීන එම්බසියට ඇහෙන්න කියන්නේ අපි චීනයට රට සින්නක්කර දෙන්න ගිවිසුම් ගහල නෑ. අපේ ආණ්ඩුවක් පිහිටවූ ගමන් මම ගිහින් වසන්ත සේනානායකගේ ඩීඑන්ඒ චෙක් කරනවා ඇත්තටම සේනානායක පරපුරේද කියලා බලන්න.රනිල් එක්ක තරහයිනම් මේකේ අනිත් අය ඉන්නවා.සජිත් ඉන්නවා.නවීන්,අකිල ඉන්නවා.

එදා ජනාධිපතිට අවසන් රැස්වීමට එන්න බැරිව හිටිපු වෙලාවේ අපේ අගමැතිතුමා තමයි ඔබතුමා එක්කගෙන ආවේ.කවුරු නිසාද ඔබතුමා ජනපති වුණේ? රන්ජන්ට නඩු 21ක් තියෙනවා. නඩු තිබ්බා කියලා පක්ෂය මාරු කරන්නේ නෑ“


News Articles
Latest Videos
Most Popular Post