ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් විසි දෙනකු ළඟදීම එනවා කියලා සංචාරක හා වනජීවී නියෝජ්‍ය ඇමැති ආනන්ද අළුත් ගමගේ කියනවා.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කිව්වේ කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරවාරයේදීයි.
‘‘ආණ්ඩුව තවත් විස්සක් ළඟදීම එනවා.අපි දැන් ඒ අය එක්ක කතා කරලා ඉවරයි.මම ඉතා වගකීමෙන් කියන්නේ.දැනුත් මගේ වාහනේ ඒ එන මන්ත්‍රීවරයෙක් ඉන්නවා‘‘