News Line| Off Air
Generic placeholder image

Oct
30

16 වෙනිදා රැස්වෙන පාර්ලිමේන්තුවේ බහුතර බලය බලන්නේ නෑ | මහින්ද කියයි

1414 Views


16 වෙනිදා රැස්වෙන පාර්ලිමේන්තුවේ බහුතර බලය බලන්නේ නෑ | මහින්ද කියයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය එළඹෙන 16 වැනි දා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ පවසනවා.නිල වශයෙන් පාර්ලිමේන්තුව ආරම්භ කරන එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ඇමැතිවරයා සඳහන් කලා.
එමෙන්ම එදින සිදුවන්නේ පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමක් පමණක් බව කී ඇමති මහින්ද සමරසිංහ පනත් හෝ වෙනත් දේ ඉදිරිපත් වන්නේවත් බහුතරය පරීක්‍ෂා කිරීමක්වත් එදින සිදුනොවන බව ද පැහැදිලිකලා.


News Articles
Latest Videos
Most Popular Post