News Line| Off Air
Generic placeholder image

Oct
31

උඩවලවේ වෙඩි තැබීමකින් සැකකරුවෙකුට තුවාල.

893 Views


උඩවලවේ වෙඩි තැබීමකින් සැකකරුවෙකුට තුවාල.

උඩවලවේ රක්ෂිතයේ මුවන් ඝාතනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර සිදු වූ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අද අලූයම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පොලිස් නිලධාරීන් වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේදී මෙලෙස එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා.

සැකකරු උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ කරාපිටිය රෝහලටයි.

අනෙක් සැකකරු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සජීවී පතොරම් 27 ක් මුව මස් සහ ඝාතනය කරන ලද මුවන් කිහිපදෙනෙකුගේ සිරුරු ද භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post