අගමැති ධූරයේ නිත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය හිමි වන්නේ කාටද යන්න පිළිබඳව කථානායකතුමන් අමතා නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමු කර ඇති බවත්, එම පැහැදිලි කිරීම කථානායකතුමන් විසින් අනාවරණය නොකරන බවටත්, 2018.10.29 වන දින ඇතැම් පාර්ශ්වයන් විසින් කර ඇති ප්‍රකාශයන් කෙරෙහි අවධානය යොමුව ඇති බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
එම ප්‍රකාශයන් සහ ඒ ඇසුරින් පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම සාවද්‍ය බවත්, එවැනි කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් මේ වන තෙක් කථානායකතුමන් වෙත ලැබී නොමැති බවත් වගකීමෙන් යුතුව සඳහන් කරන බවයි මේ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම නීතිපතිවරයා පවසා ඇත්තේ පවතින ව්‍යවස්ථාව යටතේ නීතිපතිගේ භූමිකාවට අනුකූලව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍යය නොවන බවයි.