News Line| Off Air
Generic placeholder image

Oct
31

අරලියගහ මන්දිරයේ නොසන්සුන්තාවයක්

3238 Views


අරලියගහ මන්දිරයේ නොසන්සුන්තාවයක්

අරලියගහ මන්දිරය තුල අද පස්වරුවේ නොසන්සුන්තාවයක් හටගෙන තිඛෙනවා.ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි කාර්යාලීය උපකරණ ඉවත් කිරීමට සූදානම් වීම හේතුවෙන්

එම අවස්ථාවේදී අදාල පුද්ගලයන් දෙදෙනා සහ අරලිය ගහ මන්දිරය තුල රැදී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අතර නොසන්සුන්තාවයක් ඇතවූ බවයි අරලිය ගහ මන්දිර මාධ්‍ය ඒකකය සදහන් කලේ.ඉන් අනතුරුව අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව නොසන්සුන්තාවය පාලනය කර තිඛෙනවා

ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණයේදී හෙලි වී ඇත්තේ අරලිය ගහ මන්දිරයට පැමිණි පිටස්තර පුද්ගලයන් දෙදෙනා සිය අන්‍යතාවය තහවුරු කිරීමෙන් හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් තොරව මන්දිරයට ඇතුල්වී ඇති බවයි.කොලඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් මත තමන් එලෙස පැමිණි බවයි එම පුද්ගලයන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ.අරලියගහ මන්දිර අග්‍රාමාත්‍ය කාර්යාලයේ තිඛෙන සංඛ්‍යා ලේඛන ලබා ගන්නා ලෙසට කොලඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තමන්ව එවූ බව ඔවුන් එහිදී ප්‍රකාශ කර තිඛෙනවා

කෙසේවෙතත් මේ වන විට අන්‍යතාවය පරීක්ෂා කර බලා ඔවුන් සුරක්ෂිතව කාර්යාල භූමියෙන් පිටත් කිරීමට කටයුතු කල බවයි අරලිය ගහ මන්දිරය නිවේදනය කලේ.මේ අතර ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුව තව සුලූ මොහොතකින් ආරම්භ වීමට නියමිතයි

එම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්්‍යාලයේදී

අද පස්වරුවේ කථානායකවරයා හමු වූ සිවිල් සමාජ නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස ඉල්ලමින් අත්සන් 16000 යුතු පෙත්සමක් භාරදුන්හනා.


News Articles
Latest Videos
Most Popular Post