විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සාක් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඊයේ දිනයදී මුණගැසුණා.විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවූ අතර, ඊට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ පාකිස්ථානය යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් එක්ව සිටියා.
රට තුළ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා රාජතාන්ත්‍රිකයන් දැනුම්වත් කර තිබෙනබවයි වාර්තා වන්නේ
. මේ අතර පෙරේදා දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද මෙරට සිටින සියලු තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු කැඳවා රට තුළ පවතින තත්ත්වය පිළිබඳව දැනුම්වත් කරනු ලැබුවා.