News Line| Off Air
Generic placeholder image

Nov
1

නුවන් සොයිසා දූෂණ චෝදනා මත අනිවාර්ය නිවාඩු යවයි

912 Views


නුවන් සොයිසා දූෂණ චෝදනා මත අනිවාර්ය නිවාඩු යවයි

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක හා වේග පන්දු පුහුණුකරුවෙකු වන නුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා එල්ල කර තිබෙනවා.

ඒ අනුව තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල කර ඇති චොඑදනා වෙනවා.

මේ සඳහා පිළිතුරු ලබාදීමට සොයිසාට දින 14ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය අද සිට ආරම්භ වෙනවා.

නුවන් සොයිසා වේග පන්දු පුහුණු කාරීත්වයෙන් අනිවාර්යෙන් නිවාඩු යැවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා .


News Articles
Latest Videos
Most Popular Post