අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කල විශේෂ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
ශ්‍රි ලංකාවේ දේශපාලන හා ආර්ථික උන්නතිය මෙන්ම ස්ථාවරත්වය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක වන මෙම අවස්ථවේ සමස්ත මහජනතාව ජාතික හැඟිමෙන් හා නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කිරිම රටේ පොදු යහපත වෙනුවෙන් අත්‍යාවශ්‍ය සාධකයක් ව පවතී.
මෙම ජාතික එකමුතුව හා අවබෝධය දුර්වල කිරිම පිණිස මේ වන විටත් විවිධ පාර්ශව මෙන් ම සංවිධානාත්මක කණ්ඩායම් විසින් විවධ ක්‍රමවේදයන් ඔස්සේ අසත්‍ය හා නොමඟ යවන සුලු ප්‍රචාරයන් රට තුළ ව්‍යප්ත කිරිම කටයුුතු කරමින් සිටි. සමාජ මාධ්‍ය ජාලා, වෙබ් අඩවි මෙන්ම ඇතැම් මාධ්‍ය ඔස්සේ මෙවැනි සාවද්‍ය මෙන්ම පදනම් විරහිත ප්‍රවෘත්ති හා මතවාදයන් ව්‍යාප්ත කිරිම සිදු වේ. එවැනි නොමග යවනසුලු මතවාද මගින් රට තුළ දේශපාලන අවස්ථාවරත්වයක් ඇති කිරිම හා මහජනතාව වෙත වැරදි තොරතුරු ලබා දිමෙන් වැඩබිම් ඇතුළු විවිධ ස්ථානයන් හි නොසන්සුන්තාවක් නිර්මාණය කිරිම මෙවැනි සංවිධානාත්මක කණ්ඩායම් වල අරමුණ වී ඇත.
ඒ අනුව,කිසිදු පාර්ශවයක් විසින් ප්‍රචාරය කරන ලද පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථවේ නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කරන මෙන් රජය පොදු මහජනතාව වෙත ඉල්ලීමක් කරයි.
එමෙන්ම, රජයේ නිල පුවත් මහජනතාව වෙත ලබාදීමේ කටයුත්ත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ වගකීමක් වන බැවින් වඩාත් කඩින් තහවුරු කරන ලද තොරතුරු ජනතාව වෙත ලබාදීමට ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව අඛණ්ඩ කටයුතු කරනු ලබන බවත්,ඒ පිළිබඳව අවධානයයෙන් පසු වන ලෙසත් මෙයින් දැනුම් දෙනු ලැබේ.