ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ සිදූවීම සහ එම සිදුවීමේ සැකකරුවෙක් වෙන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්’ නැමැත්තාට සැඟවීමට ආධාර අනුබල ලබාදීම ඔහුට එල්ලවී ඇති චෝදනායි.