ඉන්දන මිල අඩු වීමත් සමගම එහි වාසිය මගීන්ට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රවාහන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බස් සංගම් පවසයි.
ලබන 07 වනදා ජාතික ගමනා ගමන කොමිසම් සභාව සමඟ ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කර සිටියා.