නව රජයේ සෞඛ්‍ය අමාත්‍යධූරය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන ලෙසත් එවැනි පත් කිරීමක් සිදුකලහොත් ඒ මොහොතේ සිටම නැවත දැනුම්දීමකින් තොරව සමස්ථ දිවයිනම ආවරණය වන වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දන්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
තවද මේ වන විටත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියාකාරීත්වයට විරෝධය පා දිවයින පුරා සිටින සමස්ථ වෛද්‍යවරුන්ගේ අත්සනින් යුත් පෙත්සමක් ජනාධිපතිවරයා වෙත බාර දීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කර අවසන් බව ද මෙම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය වසර 3ක කාලයක් තුළ සෞඛ්‍ය කේෂ්ත්‍රයටත්, පොදුවේ රටේ ස්ථාවරව පවතින පද්ධතීන්ට සිදු කල විනාශකාරී බලපෑම අද වන විට රටේ සමස්ථ ජනතාවගේ විරෝධයට හේතු වී ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.