News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරුන් 5 දෙනෙකුගේ සහය නව අගමැතිට ?

6193 Views


දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරුන් 5 දෙනෙකුගේ සහය නව අගමැතිට ?

දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසන අන්දමට
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනෙකු ඉදිරි දින දෙක ඇතුළතදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීම සදහා එක්වීමට ඉඩ කඩ ඇත.

එතුමා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ඔහුද ඉදිරි දින වලදී නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීමට එක්වන බවයි.

තවද මෙමගින් තමන්ට ඇමති ධුරයක් ලබාගැනීමට ඉඩ ඇති බවත් තමන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී.සරවනභවන්, ටී.සිද්ධාර්ථන් යන මන්ත්‍රිවරුන් සහ කිළිනොච්චියේ එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාද මුලතිව් දිස්ත්‍රිකක්යේ චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාද ඉදිරි දින දෙක ඇතුළත මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post