ඉදිරි දින කිහිපය තුලදී ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් වලට සුළි කුණාටුවක බලපෑමක් එල්ල වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විට ශ්‍රී ලංකාවවේ සිට කිලෝමීටර් 1500 ක් ගිනිකොණ දෙසින් ඉන්දුනීසියාවට ආසන්නයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවත් එය මෙම මස 5 වනදා වන විට ශ්‍රී ලංකාව දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ බලධාරීන් සදහන් කරන්නේ.
මෙම අඩු පීඩන තත්ත්වය නොවැම්බර් මස 6,7 සහ 8 යන දිනයන් හිදී සුළි කුණාටුවක් බවට වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් ආසන්නයෙන් හෝ රට තුලින් යාපනය හරහා ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කිරීමේ සම්භාවිතාවක් පවතින බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පාස්කුවෙල් වෙත කියා සිටියේ.
” අපි මෙම අඩු පීඩන තත්ත්වය වර්ධනය වීමත් සමග එහි ගමන් මාර්ගය ගැන සැලකිලිමත්ව අධ්‍යනය කරමින් සිටිනවා. මෙය බොහෝ විට ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් වලට බලපෑමක් එල්ල කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් තව දින 02 කින් මේ අඩු පීඩන තත්ත්වයේ ගමන් මාර්ගය ගැන සම්පුර්ණ තොරතුරු අපට ලබා දෙන්න පුළුවන්” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියා.
වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදේ සුළං තත්ත්වය වර්ධනය වීමක් වනු ඇති අතර ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කර තිබෙනවා. එමෙන්ම රට අභ්‍යන්තරයේද වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දිනයන් හිදී ඇති වනු ඇත.
(ඉන්දීය කාලගුණ විද්‍යා ඒකකය මගින් නිකුත් කල චන්ද්‍රිකා ජයාරූපය)
