News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

හෙරොයින් ලග තබාගෙන සිටි 4ක් අත්අඩංගුවට

1493 Views


හෙරොයින් ලග තබාගෙන සිටි 4ක් අත්අඩංගුවට

හෙරොයින් ලඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇත.

කෙසෙල්වත්ත, ගල්වල වත්ත ප්‍රදේශයේ සහ අලුත්කඩේ ප්‍රදේශයෙන් හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 60ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 790ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් උනා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි හා 31 හැවිරිදි පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුයි.

මේ අතර බොරැල්ල, ටී 20 වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 20ක් සමග 48 හැවිරිදි පුද්ගලයෙකු සහ කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 90ක් සමඟ 45 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

 


News Articles
Latest Videos
Most Popular Post