බෞද්ධ නටඹුන් විනාශ කිරීමට ගිය පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ පුවතක් වාර්තා වෙනවා.
මේ අනුව වව්නියාව නෙඩුන්කේණි, වෙඩුක්‌කුනාරී බෞද්ධ පුරාවිද්‍යා භූමිය තුළ කෝවිලක් සඳහා නළ ළිඳක් තැනීමට ගිය හින්දු බැතිමතුන් පිරිසක් 01 දා නෙඩුන්කේණි පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කිරීමෙන් පසුව ඒ ස්‌ථානයෙන් ඉවත්කොට තිබේ. පුරාවිද්‍යා ස්ථානයට හානියක් කිරීමට පෙර පොලීසිය ක්‍රියාත්මක වූ නිසා අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත.
හින්දු කෝවිලේ භාරකාර මණ්‌ඩලයේ පිරිසක් 01 දා එම ස්‌ථානයේ නළ ළිඳක් ඉදිකිරීමට සූදනම් වූ අවස්‌ථාවේදී නෙඩුන්කේණි පොලිසිය විසින් වහාම ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව හින්දු කෝවිලේ පිරිස නළ ළිඳ තැනීම නතරකොට දමා තිබේ.