News Line| Off Air
Generic placeholder image

Nov
3

පාර්ලිමේන්තුව ලබන 16 වනදාට පෙර කැදවනු ලබන බවට වූ කතාවේ ඇත්ත කතාව

637 Views


පාර්ලිමේන්තුව ලබන 16 වනදාට පෙර කැදවනු ලබන බවට වූ කතාවේ ඇත්ත කතාව

පාර්ලිමේන්තුව ලබන 16 වනදාට පෙර කැදවනු ලැබුවද එය නව සැසිවාරයක් ලෙස ආරම්භ වනු ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසනවා

පසුගිය ඔක්තෝම්බර් 27 වනදා ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ බැවින් මෙලෙස නව සැසිවාරයක් ආරම්භ කර තිබූ බවයි ඔහු සදහන් කළේ.

ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූලව නව සැසිවාරය ආරම්භ වනු ඇති බව නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා හා කමිටු කිහිපයක් අහෝසි වී තිබෙනවා.

සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කලේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව” පොදූ ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හා මහජන පෙත්සම් කාරක සභාව මෙලෙස අහෝසි වී ඇති බවයි.

මීට අමතරව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඇතු¿ කාරක සභා 12ක් ද අහෝසි වී තිබෙනවා.

නමුත් අංශික අධීක්ෂණ කමිටු” උසස් නිලතල පිළිබඳ කාරක සභාව හා තේරීම් කාරක සභාව තවදූරටත් ක්‍රියාත්මක වීමට නව ස්ථාවර නියෝග යටතේ ප්‍රතිපාදන පවතින බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරනු ලැබුවේ පසුගිය 27 වැනිදායි.


News Articles
Latest Videos
Most Popular Post