News Line| Off Air
Generic placeholder image

Nov
3

පාර්ලිමේන්තුව කැඳවන්න ජගත් මහලේකම් ජනපතිට කියයි

1853 Views


පාර්ලිමේන්තුව කැඳවන්න ජගත් මහලේකම් ජනපතිට කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් දූරකථනයෙන් කළ සංවාදය පිළිබදව එම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ඇති වෙමින් පවතින තත්වය පිළිබදව තමන් කනස්සල්ලෙන් පසුවන බව එම තත්ත්වය විස§ම සදහා සියලූ පාර්ශව සමග සංවාදයක් ඇති කිරීමට සහාය ලබාදෙන බවත් මහලේකම්වරයා එහි§ ප්‍රකාශ කළ බව සදහන්.

සාමය සුරක්ෂිත භාවය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරිම රජයේ වගකීම බවට මහලේකම්වරයා අවධාරණය කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පාර්ලිමේන්තු පටිපාටිය වෙත ආපසු හැරී පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස ජගත් මහලේකම්වරයා ඉල්ලා ඇති අතර හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පැවැත්වීමට ඉඩ සලසන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා අනුව මානව හිමිකම් යුක්තිය සහ සංහිහිදියාව සම්බන්ධයෙන් සිය පූර්ව කැපවීම සදහා ශී්‍ර ලංකා රජය දිරි ගන්වන බව එම දූරකථන සංවාදයේ§ ජගත් මහලේකම්වරයා වැඩිදූරටත් සදහන් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post