සභානායක තනතුර සඳහා කිසිවෙකු හෝ පත් කිරීම මේ මොහොතේ නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක පවසා සිටිනවා.ඔහු පෙන්වා දෙන්නේ බහුතර බලයක් නොමැති කණ්ඩායමක් විසින් සභානායක තනතුර සඳහා කිසිවෙකු හෝ පත් කර ඇති බව නිවේදනය කිරීම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පමණක් නොව සම්ප‍්‍රදායන්ටද අනුකූල නොවන බවයි.
පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව සභානායක ධූරය හෝ පාර්ලිමේන්තුව තුළ වෙනත් ඕනෑම ධූරයක් සඳහා හෝ පත් කිරීම් සිදු කළ යුතු වන්නේ බහුතර එකගතාවය අනුවයි. ඉකුත් සිකුරාදා කතානායකවරයා හමුවූ බහුතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම, අග‍්‍රාමාත්‍යවරයෙකු ව්‍යවස්ථා විරෝධී ලෙස පත් කිරීම පිළිනොගන්නා බව ප‍්‍රකාශ කළේ යැයි ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයා පවසනවා. එවන් පසුබිමක සභානායක පත් කළ බව කියන නිවේදනය නීතිවිරෝධී බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
සභානායක පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමෙස්න්තු මන්ත‍්‍රි අකිල විරාජ් කාරියවසම් ද අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ නව සභානායකවරයාව සිය පක්ෂය පිළි නොගන්නා බවයි.
රජයේ සම කැබිනට් ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (03) කියා සිටියේ මීළඟ පාර්ලිමේන්තුවේ සභානායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන නම් කර ඇති බවයි. ආණ්ඩුවට සහය දක්වන සියලූම කණ්ඩායම්වල ඒකමතික තීරණයෙන් දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා ඊට නම් කළ බවද ඔහු කියා සිටියා.