දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණවලට අමතරව කිසිඳු කොන්දේසියකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විය යුතු තැන දෙමළ ජාතික සන්ධානය සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු පෙන්වා දෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාගෙන් මුදල් හා අමාත්‍යධූර ලබා ගෙන දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය දැක්වීමට යන බවට පැතිර යන ආරංචි නිසා දෙමළ ජාතික සන්ධානයට පක්ෂයක් වශයෙන් රට තුළ හා ජාත්‍යන්තරය තුළ විශාල අපකීර්තියකට පත්වීමට සිදුව ඇති බවයි අදාළ මන්ත්‍රිවරු පෙන්වා දී ඇත්තේ.
දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රරජන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා අමාත්‍ය ධූරයක්ද ලබාගෙන ඔහු සමග එක්වීමෙන් පසුව ඉන්දියාවේ දේශපාලන පක්ෂ ගණනාවකින් දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට බැණ වදින බව ද අදාළ මන්ත්‍රිවරුන් පෙන්වා දෙන බවයි වාර්තා වෙනවා.
රටේ දේශපාලන ව්‍යාකූලතාවයක් නිසා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් බැණුම් ඇසීමට කිසිඳූ අවශ්‍යතාවයක් නොමැති නිසා ඉතාම උචිතම හා සාධාරණම කරුණ වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම බව ද එක් මන්ත්‍රිවරයෙක් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.